උතුර ඉන්ධන සූදානම්…! මඩකලපුවෙත් පාපැදි මංතීරු…!

June 30, 2022 at 3:17 pm | by emanisa.lk

මඩකලපුව මහ නගර සභාව සිය මාර්ගවල පාපැදි මංතීරු සලකුණ කිරීම ආරම්භ කර තිබේ.

මේ වන විට රට මුහුණ දෙන ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව බහුල ලෙස පාපැදියට යොමු වෙමින් තිබේ.

එම ජනතාවගේ ආරක්ෂාව සඳහා මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනපවන්ගේ මූලිකත්වයෙන් මෙලෙස නගරයේ ප්‍රධාන වීථිවල පාපැදිය මංතීරුවක් වෙන් කර තිබේ.

එය බොහෝ පාර්ශ්වවල මහත් ප්‍රසාදයට ලක්ව ඇති අතර සෙසු නගර සභා ද මෙය ආදර්ශයට ගතයුතු බව ප්‍රකාශ කරති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *