දෙමළ ඊළම් අයිතිය වෙනුවෙන් විජේවීර සමග ගැටී ජවිපෙන් ගිය බෝපගේ නැවතත් අනුරගේ ජවිපෙට එයි!

September 11, 2019 at 11:56 am | by emanisa.lk

ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වන ලයනල් බෝපගේ පසුගියදා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට පැමිණියේය. ඒ දශක ගණනාවකට පසුය.

මෙහි දැක්වෙන් ඒ අවස්ථාවේ ජවිපෙ ජනාධිපති අපේක්ෂ පක්ෂ නායක අනුර දිසානායක සමග ගත් ඡායාරූපයකි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සමග ඇති වූ දේශපාලන විරසකයක් නිසා ඔහු ජවිපෙ හැර ගියේය.

ඒ උතුරේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය පිළිබඳ පක්ෂයේ ඇති වූ සංවාදය නිසාය. එහිදී බෝපගේ ස්වයං නිර්ණන අයිතිය වෙනුවෙන් පෙනී සිටි අතර විජේවීර ඊට එරෙහිව දෙමළ ඊලම් අරගලයට විසඳුම කුමක්ද යනුවෙන් කෘතියක් සම්පාදනය කරමින් බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළේය.

ඒ සමග පක්ෂයෙන් ඉවත් වූ ලයනල් බෝපගේ දිගටම සිය ස්ථාවරයේ රැඳී සිටිමින් බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කළේය. ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බෝපගේ එහි සිට දෙමළ ඩයස්පෝරාව සමග එක්ව බෙදුම්වාදය වෙනුවෙන් කළ හැකි සියල්ල කළේය.

මේ අතර දශක ගණනකට පසු අනුර දිසානායකගේ නායකත්වය යටතේ ජවිපෙ නැවත ලයනල් බෝපගේට අත්වැල් බැඳගත හැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බව විචාරයෝ පවසති.

මේ අතර එම්. ඒ. සුමන්දිරන් වැනි සිංහල බෞද්ධ විරෝධී බෙදුම්වාදීන් ද මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බොහෝ පැහැදීමකින් කතා කරනු දැකිය හැකිය. ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකයා රනිල් නොවන්නේ නම් ජවිපෙ අනුර දිසානායකට දෙමළ සන්ධානය සහාය ලබාදිය යුතු බවට යෝජනාවක් ද සාකච්ඡා කර තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස