උතුරේ විදෙස්ගත වීම 50%කින් ඉහළට!

February 28, 2019 at 1:23 pm | by admin

යුද්ධයෙන් විනාශ වූ උතුරේ රැකියා අවස්ථා වැඩි කිරීම සඳහා වැඩි වශයෙන් මෙම ප්‍රදේශ ඉලක්ක කොටගෙන ආයෝජනයන් සිදුකළයුතු බව මහ බැංකුව පර්යේෂණයනට අනුව අනාවරණය කරයි.

උතුරු පළාතේ රැකියා අවස්ථාවන් හි ගුණාත්මකභාවය හා ප්‍රමාණාත්මකභාවය ඉහළ නැංවීමට ප්‍රයත්න නොදැරීම ‍දිගින් දිගටම සිදුවීමෙන් තරුණයන් රටින් පිටතට යාමේ අඛන්ඩව සිදුවනු ඇතැයි ‍Ó මෙමඟින් අනාවරණය කරයි.

උතුරු ආර්ථිකය පුනර්ජීවන කිරීමට මහ බැංකු අනුග්‍රහය දක්වන ලද අධ්‍යයනයකට අනුව. මේ බව අනාවරණය වී තිබේ.

තරුණයින් නිෂ්පාදනය හා නිත්‍ය රැකියාවලට ඒකාබද්ධ කිරීම සඳහා මාර්ග සොයා ගැනීම වැදගත් බව මෙමඟින් තහවුරු කරෙයි.

2011 – 2016 කාලය තුළදී උතුරු පළාතෙන් විදේශ රැකියා සඳහා යොමුවූ පිරිස 50% ක වැඩිවීමක් සිදුවී ඇති අතර , එය 2014 දී එය 12,642 ක් වී තිබීම ඉහළම වාර්ෂික වාර්තාවකි.

ආණ්ඩුව ජනතාවගේ සුබසෙත සඳහා වෙන්කරන ප්‍රතිපාදන කිසිදු සංවර්ධන කාර්යකට නොයොදා නැවත හරවා එවන බවට ද චෝදනා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස