උතුරේ රජ සැමරුමක් මුවාවෙන් මහවිරු සැමරුමක්…! හමුදාව සහ පොලිසිය පිරිස පන්නා දමයි…!

July 7, 2021 at 8:24 am | by emanisa.lk

කලු කොටි දිනය සැමරීමට උත්සහ කළ පිරිසක් පොලිසියේ හා ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් පසුගියදා (05) විසුරුවා හැර තිබේ.

13 වන සියවසේ මුලතිව් අක්කරායන්කුලම් ප‍්‍රදේශයේ සිටි ප‍්‍රාදේශීය පාලකයෙකු සිහිපත් කරන මුවාවෙන් මෙම කොටි සැමරුම සංවිධානය කර තිබේ.

අක්කරායන්කුලම ප‍්‍රදේශයේ වැසියෝ මල් මාලා රැගෙන අක්කරායන්කුලම නගරයට එක් වී කලුකොටි දිනය සැමරීමට උත්සහ කරන බවට ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වී ඔවුන්ව විසිරුවා හැර තිබේ.

මේ අවස්ථාවේදී ඔවුන් පැමිණියේ අක්කරායන් රජු සිහි කිරීම සඳහා යැයි කියමින් ජනතාව ආරක්ෂක අංශ සමඟ ආරවුලක් ඇතිකර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී කොවිඩ් නීතිරීතිවලට අනුව එවැනි උත්සව පැවැත්වීමට නොහැකි බව දැනුම් දෙමින් යුද හමුදාව හා පොලිසිය එතැනට රැස්ව සිටි පිරිස ඉවත් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *