උතුරේ ප්‍රධාන නාවික හමුදා කඳවුර ඉවත්කරන සැලසුමක්! මුල් පියවර ලෙස කඳවුර අසලට කර්මාන්ත පුරයක්!

July 14, 2019 at 9:16 am | by emanisalk

උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධානතම නාවික හමුදා කඳවුර වන කන්කසන්තුරේ (ශ්‍රී ලංකා නාවික උත්තර) නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට සහය ලබාගැනීම සඳහා පැවැති සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. අදාළ සාකච්ඡාව පැවැතියේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, මාවෙයි සේනාධිරාජා සහ එම්. ඒ සුමන්තිරන් අතරය.

මෙහිදී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා උත්තර නාවික හමුදා කඳවුරට යාබද සිමෙන්ති කම්හල් භූමියේ කර්මාන්ත පුරයක් ඉදිකර දෙන ලෙසට අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. එයට අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූ අතර මාවෙයි සේනාධිරාජා පවසා ඇත්තේ කර්මාන්ත පුරය සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා නාවික හමුදා කඳවුර බාධාවක් වන හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවයි. එම ඉල්ලීමට අගමැතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ පිළිබඳව විමසීම සඳහා අප මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත් අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා අගමැතිවරයා හමු වූ බව සත්‍යයක් යැයි ඔහු ප්‍රකාශ කළේය. නාවික හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට කිසිදු පිළිතුරක් නොදුන් ඔහු දුරකතනය වහා විසන්ධි කළේය.

දේශය

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස