උතුරේ ජනතාව දෙමළ සන්ධානයට එරෙහිව නැඟෙති….! සිංහ කොඩි ඒකීය රාජ්‍ය පුවරු රැගෙන පෙළපාළි යති…! සිය ගණනින් යාපනෙන් වීදි බැස නිදහස සමරති…!

February 4, 2021 at 9:26 pm | by emanisa.lk

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත් වූ 73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව යාපනය ප්‍රදේශයේ දේශප්‍රේමී ජනතාව විසින් ජාතික ධජ පෙරටුකරගනිමින් යාපනය කොටුව ආශ්‍රිත වීදි සංචාරයක නියැලෙමින් ජාතීන් තුළ ඇති ප්‍රතිසන්ධානය, සහජීවනය සහ ජාතික සමගිය යන හැඟීම් සමඟ සහයෝගීතාව අද (04) දින ප්‍රදර්ශනය කළේ ය.

මෙම වැඩසටහන යාපනය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකරුවෙකු වන අරුල් සිද්ධාර්ථගේ ප්‍රධානත්වයෙන් යුත් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලදී.

ජාතික ධජ සහ පුවරු රැගත් විශාල පිරිසක් සමස්ත දෙමළ ජාතික සන්ධානය විසින් නිදහස් දිනයට එරෙහිව දියත් කළ විරෝධයට එරෙහිව නැඟී සිටීම විශේෂත්වයකි. පසුගිය දින කිහිපයේ දෙමළ ජාතික සන්ධානය සංවිධානය කළ සියලු විරෝධතා සඳහා එකතු වූ පිරිසට වැඩි පිරිසක් නිදහස් දින සැමරුම සඳහා එක්ව තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස