උතුරේ අධිකරණ නිලධාරිනියකගෙන් රජයට එරෙහිව ජිනීවා වෙත පැමිණිල්ලක්!

March 11, 2020 at 7:39 am | by emanisa.lk

උතුරේ අධිකරණ නිලධාරිනියක විසින් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් හෙළිවී ඇත.

ඇය මේ පැමිණිල්ලේ දක්වා ඇත්තේ සමූහ ස්තී‍්‍ර දූෂණවල වගකිව යුතු සෙබළුන් නිදහස් කරන විට විපතට පත්වූවන්ට පැන දිවීමට සිදුවී ඇති බවයි. මුලතිව්හි අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ඇය මේ පැමිණිල්ල මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා තිබේ.

මේ පැමිණිල්ල ගැන රජයේ ආරංචි මාර්ග පැවසුවේ රජයේ අධිකරණ නිලධාරිනියක් මෙවැනි පැමිණිල්ලක් කිරීම නීති විරෝධී බවයි.

ඇය රජයේ නීති රීති කඩකර ජිනීවා වෙත ලිපි යැවීම ගැන අධිකරණ සේවා කොමිසම විසින් පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය.

Divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස