උතුරු මැද 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රය whatsapp ජාලයේ… විභාග කටයුතු නවතා ප්‍රශ්න පත්‍ර යළි කැඳවයි…!

January 6, 2025 at 4:42 pm | by emanisa.lk

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල ප්‍රශ්න පත්‍රය whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බව වාර්තා වීම හේතුවෙන් අද (6) පැවැත්වීමට තිබූ එම විභාග කටයුතු කල් දැමීමට කටයුතු කර තිබේ.

එම විෂයට අදාළ විභාගය කටයුතු කඩිනමින් පැවැත්වීමට කටයුතු සිදු කරන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන සඳහන් කරයි.

එමෙන් ම, පාසල් වෙත යොමු කර තිබෙන 11 ශ්‍රේණියට අදාළ සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව අද පෙරවරු 9:00ට පෙර නැවත අධ්‍යාපන කොට්ඨාස කාර්යාල වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

ලේකම්වරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, අනුරාධපුර මුලස්ථාන පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බවත් අක්‍රමිකතාව සිදුවූයේ කෙසේ ද යන්න සොයා බලා අදාළ පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *