උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කර ඊළම දෙන පක්ෂයට ජනාධිපතිවරණයේදී අපේ සහාය දෙනවා! – ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය

July 1, 2019 at 3:26 pm | by emanisa.lk

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) දින යාපනය වීරසිංහම් ශාලවේදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වන මහසභා සම්මේලනය රැස්වූ අවස්ථාවේදීය.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායකයා වශයෙන් නැවත වරක් පසුගිය 29 වනදා මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීමෙන් පසුව ඊයේ දින නැවතත් පක්ෂයේ මහසභාව රැස්විණි.

එහිදී උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනා රැසක් ‍ඉලංගෙයි තමිල් අරසුකච්චි මහා සභා රැස්වීමේදී සාකච්ඡා කළ අතර ඊට අමතරව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටලුව, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජිවත්වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි යෝජනා සම්මතකොට ගෙන ඇත.

අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද පක්ෂ නියෝජිතයෝ එහිදී පැවසූහ.

මහවැලි එල් කලාපය යනුවෙන් හඳුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහිකරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහාම නවතා දැමිය යුතු බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළ යුතු බවත් ඉලංගයිතමිල් අරසුකච්චි පක්ෂය විසින් රජයට බලකිරීමට වැඩිදුරටත් සාකච්ඡා කොට ඇත.

ඉලංගෙයි තමිල් අරුසකච්චි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන විශාලතම දේශපාලන පක්ෂයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස