උගතුන් රැකියා ඉල්ලා මහපාරේ ගුටිකෑ යුගය නිමයි! මාර්තු මාසයට පෙර සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා!

January 13, 2020 at 11:08 pm | by emanisa.lk

එළඹෙන මාර්තු මාසයට පෙර රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දෙන බව ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

එහිදී පසුගිය ආණ්ඩුව මෙන් වයස, උපාධි විෂය හෝ දේශපාලන පක්ෂය නොසලකන බව ද ඔහු සඳහන් කළේය.

වර්තමාන පාර්ලිමෙින්තුවේ ආණ්ඩු පක්ෂයට ඇත්තේ 89 දෙනෙකු පමණක් බවත් විපක්ෂයට ආසන 136ක් ඇති බවත් පෙන්වා දුන් ඇමතිවරයා මේ නිසා ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩසටහන් අවශ්‍ය වේගයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස