උගතුන්ට වෘත්තිකයන්ට ජවිපෙ එපා වෙයි! විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මන්ත්‍රි ධුරයෙන් අස්වෙයි!

October 18, 2019 at 10:45 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබේ.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙය පෞද්ගලික හේතු මත සිදු වූ ඉල්ලා අස්වීමක් බවය.

කෙසේ වුවද වෛද්‍ය රනිල් ජයසේන පවසන්නේ ජවිපෙ විකල්ප බලවේගයක් නිර්මාණය කර පක්ෂයේ නොවන අයකු ජනාධිපති අපේක්ෂකයා කරන බවට ලබා දුන් පොරොන්දුව කඩකර ඇති බවත් පක්ෂයේ වර්තමාන ක්‍රියාකලාපය පිළිබඳ තමා කලකිරීමෙන් පසුවන බවත්ය.

මේ වන විට පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳ උගතුන් බුද්ධිමතුන් සහ වෘත්තිකයන් කලකිරී ඇති බවත් තමා තව දුරටත් ජවිපෙ සාමාජිකයකු නොවන බවත විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස