උගත්තු පාර්ලිමේන්තු යවලා වැඩක් නෑ! – මැකො

February 20, 2020 at 8:03 am | by emanisa.lk

උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව ද ඔහු පැවසීය.

මේ වන විටත් පාර්ලිමේන්තුවේ ආචාර්ය උපාධිධරයන්, වෛද්‍යවරුන්,ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවන් සිටින බව ඔහු සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තුවේ සාමන්‍ය පෙළ අසමතුන් 94ක් සිටින බවට ගෙන යන මතයෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි ද ඔහු පැවසීය.

එසේම ප්‍රාදේශීය දේශපාලනයෙන් ඉහළට පැමිණෙන අයට ජනතා ප්‍රශ්න සහ පළාත් පාලන ආයතන පරිපාලන ව්‍යුහය පිළිබඳ මහ දැනුමක් භාෂා කිහිපයක් කතා කිරීමේ හැකියාව පවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වුවමනා වන්නේ යමක් අවබෝධ කරගෙන විශ්ලේෂණය කර විසඳුමක් ලබාදීමට හැකිවීම යයි ද සභාපතිවරයා කියා සිටියේය.

කාන්තා නියෝජනය වැඩි කළ යුතු වුවත් ඊට එරෙහි වන බහුතරය කාන්තාවන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස