දෙමළ ජනතාව සඳහා වෙනම ඊළාම් රාජ්‍යයක් ගොඩනැඟීමේ අදහස උතුරේ කුලහීන දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා උසස් යැයි සම්මත දෙමළ නායකයන් ගෙන ආ බව මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුණ් සිද්ධාර්ත් පවසයි.
උතුරේ හීන කුළ දෙමළ ජනතාවට කෝවිල්වල ආගමික කටයුතු සිදු කිරීමට පනවා තිබූ තහනමට එරෙහිව එම ජනතාව 1968 මාවිඩ්ඩපුරම් කෝවිල ඉදිරිපිට සිදුකළ සාමකාමී විරෝධතාවට හිටපු අමාත්‍ය සෙල්ලප්පා සුන්දරලිංගම් ඇතුළු කණ්ඩායමක් පහර දුන් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අවස්ථාවේ පොලිසිය සුන්දරලිංගම් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නඩු පවරා රු. 50ක දඩයක් නියම කළ බවත් ඊට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට ද එංගලන්තයේ රැජිනගේ උසාවියට ද ගොස් පරාජය වූ බව අරුණ් සිද්ධාර්තන් සඳහන් කරයි.
වසර සිය ගණනක් සිය සම්ප්‍රදාය බවට පත්ව ඇති සිරිත් විරිත්වලට දකුණේ සිංහල ආණ්ඩුව ඇඟිලි ගසන බව ප්‍රකාශ කරමින් තම අභිමතය අනුව පාලනය කිරීම සඳහා උතුරේ දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් ගොඩනැඟිය යුතු බව සෙල්ලප්පා සුන්දරලිංගම් ප්‍රකාශ කළේ එම සිදුවීම පසුබිම් කරගෙන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.