ඊළඟ ජනාධිපතිවරණයට මම සූදානම්…! සෞභාග්‍යයේ දැක්මට තව අවුරුදු 08ක් තියෙනවා…!- ගෝඨා….

July 19, 2021 at 3:14 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරණය ​සඳහා ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව හෙළිකර තිබේ.

ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඔහු ඉදිරිපත් නොවන බවට සහ බැසිල් රාජපක්ෂ කරළියට ගෙන ආවේ ඒ සඳහා බවට පසුගිය සමයේ විවිධ කණ්ඩායම් ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *