ලෝක ප්‍රකට ටෙස්ලා ඇතුළු ව්‍යාපාර ජාලයක හිමිකරු වන ව්‍යාපාරික, x ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් කුප්‍රකට ආර්ථික ඝාතකයෙකු බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලුවේ නැති ආර්ථික පරිවර්තන පනතක් ගෙනැවිත් ආයෝජන මණ්ඩල පනත කනපිට ගසමින් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ එවැනි කණ්ඩායම් ලංකාවට ගෙන ඒමට බවට ද හෙතෙම චෝදනා කරයි.
මෙරටට ආයෝජකයින් නමින් පැමිණෙන්නේ ද ඊලොන් මස්ක්, ජෝර්ජ් සොරොස්, ජේම්ස් පැකර් වැනි සිය ධනය ගෙනැවිත් රටේ ආර්ථිකය මංකොල්ලකන ආර්ථික ඝාතකයන් බව ද සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.