ඊයේ හඳුනාගත් කොරෝනා රෝගීන් 8 දෙනා මෙන්න!

April 4, 2020 at 1:52 pm | by emanisa.lk

ඊයේ (03) දිනය ඇතුළත හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් ගණන 8කි. ඒ මෙසේය.

යාපනය තල් සෙවන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින 10 දෙනෙකුගේ සාම්පල පරික්ෂාවේ දී හඳුනාගත් රෝගීන් 3ක් ඒ අතර වෙයි.

එසේම පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ 10 දෙනෙකුගේ සාම්පල පරික්ෂාවේ දී කාන්තාවක් ද හඳුනා ගෙන තිබේ. ඒ කලින් රෝගය ආසාදනය වූ අයෙකුගේ බිරිඳය.

එසේම දෙහිවල ප්‍රදේශයේ පදිංචි බ්‍රිතාන්‍යයේ සිට පැමිණි 60 හැවිරිදි පුද්ගලයෙක් පන්නිපිටියේ පදිංචි 28 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙක් මතුගම පදිංචි කොරියාවේ සිට පැමිණි තරුණයෙක් සහ බේරුවල ප්‍රදේශයේ 28 හැවිරිදි ගැබිනි කතක් ද මේ අතර වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස