ඊයේ බැසිල්ට පැවරුණු ආයතන තුනක් නැවතත් මහින්දට….!

July 9, 2021 at 1:39 pm | by emanisa.lk

මුදල් අමාත්‍යාංශය සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ විෂය පථ තව දුරටත් සංශෝධනය කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයට අනුව, මුදල් අමාත්‍යාංශ විෂය පථයට අයත්ව තිබූ බෞද්ධ පුනරුද අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊයේ (08) ස්ථාපිත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *