ඊයේ පුද්ගලයින් 93 000කට කොවිඩ් එන්නත….! දෛනික අපේක්ෂිත ඉලක්කය මෙන් දෙගුණයක්…! සමස්ත එන්නත්ලාභීන් පිරිස ලක්ෂ 11 ආසන්නයේ…!

May 13, 2021 at 11:28 am | by emanisa.lk

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (12) පුද්ලයන් 92 977ක් සඳහා එන්නත් ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාතනය පවසයි.

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සහ ඉන්දියානු කොවිෂිල්ඩ් එන්නත මෙසේ ලබා දී ඇත.

මේ වන විට 1 090 521කට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 233993 දෙනෙකු සඳහා එන්නත් මාත්‍රා දෙක ම ලබා දී අවසන් කර ඇතැයි වසංගත රෝග විද්‍යාතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වන විට එන්නත් ලබා දී ඇති පිරිස ජනගහනයෙන් 05%ක් පමණ වෙයි.

රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දී මෙම එන්නත්කරණය සිදු කළ අතර එන්නත් ලබාගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දිගු පොලිම් ද දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස