විදෙස් රටවල සිට ඉස්ලාම් ආගමික පොත් ගෙන ඒම සම්පූර්ණයෙන් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
ඒ අනුව ඊයේ සිට රට තුළට ගෙන එන කිසිදු ඉස්ලාම් ග්රන්ථයක් ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය නොමැතිව රේගුවෙන් නිදහස් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා නියෝගයක් පනවා තිබේ.
පසුගියදා බේරුවල නබවියියා මුස්ලිම් තරුණ සංවිධානය වෙත කුවේට් රටින් ලංකාවට ලැබුණු පොත් තොගයක රටේ සාමයට තර්ජනයක් වන ආකාරයේ සලෆි සහ වහාබි අන්තවාදී පොත් ඇතුළත් වීම මීට බලපෑ ආසන්නතම හේතුව බව වාර්තා වෙයි.
මෙම පොත් තොගයට පොත් 90ක් ඇතුළත් වූ අතර එයින් 04ක් ම දැඩි අන්තවාදී අදහස් සහිත පොත් බව වාර්තා වෙයි. මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ තරුණ සංවිධානය ඉදිරිපත් කළ පොත් ලැයිස්තුවෙහි ද මෙම අන්තවාදී පොත් 04හි නම් නොතිබුණු බව වාර්තා වෙයි.