ඉස්පිරිතාලේ හැංගිලා බේරෙන්න බෑ! සුදු වෑන් නාඩගම් අධ්‍යක්ෂ රාජිත නත්තල් දා අල්ලනවා!

December 25, 2019 at 10:00 am | by emanisa.lk

අද දිනයේ (25) හිටපු ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන බව ceylontoday පුවත්පත වාර්තා කරයි.

කෙසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට රාජිත සේනාරත්න සිය නිල නිවසින් අතුරුදන් වී ඇති බවත් ඒ පිිළිබඳ විමර්ශන අරඹා ඇති බවත්ය.

කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත්වරයා ඊයේ (24) රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළේය.

සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබඳ විමර්ශනය සඳහා රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස