ඉරාන තානාපතිවරයාට කොළඹ දී ප්‍රහාරයක්…!

May 19, 2024 at 2:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉරාන නාතාපති අලිරේසා ඩෙල්කොෂ් මහතාට කොළඹ සිටි සෙන්ටර් රථ ගාලේදී පහරදුන් පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තානාපතිවරයා සිය නිල රථය, ඊයේ කොළඹ සිටි සෙන්ටර් රථ ගාලට ඇතුළු කරන විට තවත් මෝටර් රථයක රියදුරෙක් ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබේ.

කොළඹ 07 වෝර්ඩ් පෙදෙසේ පදිංචිකරුවෙනක් වන බස්නායක නැමැති 33 හැවිරිදි එම රියදුරා ඉරාන තානාපතිවරයාට මෙහිදී පහරදී ඇත. අනතුරුව රියදුරු මෝටර් රථයේ නැගී පළායාමට සූදානම් වන විට තානාපතිවරයා එම වාහනයේ බොනට්ටුවට අත තබා පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් වාහනය නවතාගෙන සිටීමට උත්සහා දරා ඇත.

එම අවස්ථාවේදී එම රියදුරා මෝටර් රථය පනගන්වා ඉදිරියට ධාවනය කර ඇත. එහිදී තානාපතිවරයා විසිවී බොනට්ටුව මත වැටී ඇති බවත් මෝටර් රථය මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර ඇති බවත් පොලීසිය කියයි. එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *