ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කළේය.
ඊයේ (21) පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසට ගිය අනුර දිසානායක එහි දී ශෝක ප්‍රකාශ ග්‍රන්ථයෙහි සටහනක් ද තැබුවේය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ද එක්විය.
අනුර දිසානායක සිය ජංගම දුරකතනයේ සටහන් ශෝක ප්‍රකාශයක් එහි ශෝක ප්‍රකාශ ග්‍රන්ථයෙහි සටහන් කිරීම සමාජ මාධ්‍යවල අවධානයට ලක්ව තිබේ.