ඉරාජ්ගේ ඊළඟ මියුසික් වීඩියෝව හිරුණිකා ගැන!

January 22, 2020 at 12:54 pm | by emanisa.lk

තමන්ගේ ඊළඟ මියුසික් වීඩියෝව නිර්මාණය වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ බව ඉරාජ් වීරරත්න පවසයි. එය අන්තර්ජාලයේ අංක එකේ වීඩියෝව බවට පත්වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

එමගින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී තමන්ට එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබා දෙන බව ද ඔහු අවධාරණය කරයි

එම වීඩියෝව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉරාජ් පවසයි.

කෙසේ වුවද ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුව ඇමතීමට ලැබෙන කාලය වැදගත් වැඩක් සඳහා යොදවන ලෙස ද ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස