ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කළ එකම ලෝක නායකයා රනිල්! – මොහාන් සමරනායක

July 7, 2019 at 5:35 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව, ඇමරිකාව ප්‍රමුඛ ලොව බලවතුන්ගේ දාස රාජ්‍යක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි මොහාන් සමරනායක පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන දීර්ඝ ක්‍රියාදාමයක නූතන අවස්ථාව බවත් සමස් ක්‍රියාදාමයේ ප්‍රතිඵලය බවට පත් වන්නේ ශ්‍රී ලංකාව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ දාස රාජ්‍යයක් බවට පත්වීම බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

2015 ජනාධිපතිවරණයෙන් පසු රටේ පාලකයා බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා බවත් ඔහු බටහිර රටවල ආර්ථික දෘෂ්ඨිය බැතියෙන් වැළඳගත් අයෙක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

එසේම ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කළ තුන් වන ලෝකයේ එකම නායකයා මෙරට අගමැතිවරයා බවත් හෙතෙම පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස