ඉන්ධන හිඟයි කියල ගම්මන්පිලත් කීවා..! ආනන්ද පාලිත දඩයම් කිරීම වැරදියි…! – සජිත්…

August 23, 2021 at 8:52 am | by emanisa.lk

ඉන්ධන හිගයක් පිළිබඳව පූරෝකතනයක් ඉදිරිපත් කළ, ප්‍රමුඛ පෙළේ වෘත්තිය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ දැඩි විරෝධය පළකර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආණ්ඩු විසින් ගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියාවලියට ජනතා විරෝධය එල්ල වීමත් සමග ආණ්ඩුව හිතුමනාපයට පළි ගැනීම ද ආරම්භ කොට තිබේ. එහි දිගුවක් ලෙස වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම පටන් ගෙන තිබේ.

ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව පුරෝකතනයක් පළමු වරට අප විසින් ඉදිරිපත් කරනු ලැබුවේ අගෝස්තු 8 වෙනිදා “ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට ද?” යනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ය.

ඉන් අනතුරුව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා සිටියේ ඉන්ධන හිඟතාව හේතු කොට ගෙන අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිත කරන ලෙසය.

ඉන්ධන සම්බන්ධව එවැනි තත්ත්වයක් පවතිද්දී ඊටම අදාළ පුරෝකතනයක් ඉදිරිපත් කළ ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීමෙහි අරමුණ දුෂ්ට එකක් බව සැකයක් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *