ඉන්ධන මිල නැංවීමට විපක්ෂයේ විරෝධය….! පාපැදි ට්‍රැක්ටර් ජේසීබීවලින් පාර්ලිමේන්තුවට…!

June 22, 2021 at 9:45 am | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාපැදි, ට්‍රැක්ටර්, ජේසීබී, ගොන් කරත්තවල නැග අද (22) පාර්ලිමේන්තුවට පැමිණිමෙන් සිටියි.

ප්‍රවාහන ගැටලු නිරූපණය කරන ආකාරයට පාසල් වෑන් රථ, මගී බස් රථ ආදිය ද මෙම විරෝධතාව සඳහා යොදා ගැනීමට කටයුතු කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යාලයට පෙරවරු 9.00ට රැස්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රය දක්වාම මෙලෙස විරෝධය පළ කරමින් පැමිණීමට නියමිතය.

එහිදී ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමට සැලසුම් කර ඇත.

ජීවන වියදම ඉහළ ගොස් ජනතාව ඉතා අසීරු තත්ත්වයක සිටින අවස්ථාවක ජනතාවට දරාගැනීමට නොහැකි ආකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඉදිරියේදී විරෝධතා මාලාවක් සංවිධානය කරන බවත් විපක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස