ඉන්ධන පැවැති මිලට අඩු කරන්න…! වාහන හිමියන්ට සීමිත සලාකයක් දෙන්න…! – කැබිනට් මණ්ඩලයට යෝජනාවක්….

June 26, 2021 at 1:20 pm | by emanisa.lk

ඉන්ධන මිල අඩු කරන්නේ නම්, ඉන්ධන ආනයනය සීමා කර, සලාක ක්‍රමයට ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

එසේ කරන්නේ නම් බදු අඩුකර, ඉන්ධන මිල පැවති තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ද ගම්මන්පිල ඉකුත් සතියේ දී පැවැති කැබිනට් රැස්වීමේ දී යෝජනා කර ඇත

ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑ ප්‍රධාන සාධකය ඩොලර් හිඟකම බව පෙන්වා දී ඇති ගම්මන්පිල පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බව සඳහන් කර ඇත.

ඉන්ධන මිල මෙතරම් ප්‍රමාණයකින් එකවර වැඩි කිරීම වැරදි බව ඇතැමුන් කීවද ඩොලර් හිඟය හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස