ඉන්ධන දීමනාව හොඳට ම මදී..! කොළඹ ඇවිත් මළ ගෙවල් දෙකක ගියා ම තෙල් ඉවරයි…!

August 6, 2022 at 9:19 am | by emanisa.lk

දැනට ලබා දෙන ඉන්ධන සහනය ප්‍රමාණවත් නොවන බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

ඔහු කියා සිටින්නේ තමාට කොළඹට ඒමට පමණක් රුපියල් 55,000 කට ආසන්න මුදලක් වැය වන බවයි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ මළ ගෙවල් දෙකක් සඳහා යාමට ද රුපියල් 75,000 ක පමණ මුදලක් වැය වන බවයි, ඔහු කියා සිටින්නේ.

ඇතැම් අවස්ථාවල මළ ගෙවල් දෙකක් අතර දුර කිලෝ මීටර් 200 ක් පමණ වන බව ද විමලවීර දිසානායක පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *