ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනාහිමියන් පැවසූහ.
මේ වන විට ද ඉන්දියාවේ සිට කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය උතුරට ගෙන එන බවත් පාලමක් තැනීමෙන් එය වඩාත් පහසුවෙන්ම සිදු කිරීමට පසුබිම සැකසෙනු ඇති බවත් මහනාහිමියෝ සඳහන් කරති.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පෙරේදා (20) පැමිණි අවස්ථාවේ උන් වහන්සේ මේ බව පැවසූහ.
මෙහිදී ඉන්දීය මහ කොමසාරිස් ජා මහතා පැවසුවේ මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවයි. මෙම පාලම ඉදිකිරීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ කටයුතුවල වර්ධනයක් ඇති වන අතර උතුරු ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු වන බව ද කීහ.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරට බෞද්ධ විහාරස්ථාන 4000 ක සහ පිරිවෙන් 800 ක සූර්ය පැනල සවි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර තවත් විහාරස්ථාන 3000 කට ඉදිරියේදී සූර්ය පැනල ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා කීය.