ඉන්දීය රෝ ඔත්තු සේවය රට වටළයි! රට පුරා ඔත්තුකරුවන් 6000ක් ස්ථානගත කරයි!

May 15, 2019 at 4:27 pm | by admin

විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක ඉන්දියානු රෝ ඔත්තු සේවාවට අයත් ඔත්තුකරුවන් හයදහසක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට බුද්ධි අංශ මගින් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

බහුජාතික සමාගම් ලෙසින් මෙරට ස්ථාපිත කර ඇති ආයතන මගින් වෙ‍‍‍‍‍‍‍ළෙඳපොළ බලය ඇල්ලීම පිළිබඳ තොරතුරු සෙවීමත් ඉන්දියාවට එරෙහිව එන බලවේග ගැන තොරතුරු සොයා යාමත් මෙම කණ්ඩායම්වලට පැවරී ඇත.

මීට අමතරව පාකිස්තානය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් ලෙසින් දේශපාලන රැකවරණ ලැබෙන තුරු ලංකාවේ රැඳී සිටින පාකිස්තානු අහමදියා කණ්ඩායම්වලින්ද සහාය ලබාගන්නා බවත් ඔවුන් අතරේ ද රෝ ඒජනත්තයන් සිටින බවත් හෙළිවී ඇතැයි බුද්ධි අංශ කියයි.

විවිධ කේෂ්ත්‍රවල රැකියාවල නිරත වූවන් මෙන්ම මෙරටදී විවාහ වී දරුවන් හා සිටින අය ගැනද හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ පෙන්වා දෙයි.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස