ඉන්දීය බුද්ධි අංශ කී දේ නෑහු පොලිසිය හරීන්ගේ තාත්තා කී දේ අහයි ද? – රනිල්…

July 20, 2021 at 10:41 am | by emanisa.lk

ඉන්දීය බුද්ධි අංශ ලබා දුන් තොරතුර මත ක්‍රියාත්මක නොවූ ශ්‍රී ලංකා පොලිසිය හරීන් ප්‍රනාන්දුගේ තාත්තා ලබා දුන් තොරුතුරු අනුව ක්‍රියා කරාවි දැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව විමසා සිටියේ ය.

මෙම කරුණු පදනම් කරගෙන හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම යුක්තිසහගත නොවන බව ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ය.

සිවිල් ආරක්ෂක ඇමැති සරත් වීරසේකර සඳහන් කළේ හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට රජයට උවමනාවක් නොමැති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *