ඉන්දීය පළතුරු ආනයනය අත්හිටුවයි!

February 20, 2019 at 3:48 pm | by admin

ජාතික ශාඛ නිරෝධායන සේවය විසින් ඉන්දියාවෙන් පළතුරු ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙරටට පළතුරු එවීමේදී ලබා දී තිබූ තත්ත්ව සහතිකයන් ඉන්දීයාව විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ පමණ සිට පිළිනොපැදීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර මෙසේ ඉන්දියානු පළතුරු ගෙන්වීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ශාඛ නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි පවසයි.

ඉන්දියාවෙන් මෙරටට වැඩිපුර ගෙන එන්නේ මිදි සහ දෙළුම් වන අතර මේ තහනම පිළිබඳ ඉන්දියාව ද දැනුම්වත් කර තිබේ. අදාළ දුර්වලතා මග හරවා ගත් පසු තහනම ඉවත් කෙරෙනු ඇත. කෙසේ වුවද ඉන්දියානු ශාඛ නිරෝධන ප්‍රතිපත්ති එතරම් යහපත් නොවන අතර ඉස්සන් සඳහා ප්‍රමිතියෙන් තොර ආහාර තොගයක් ගෙන ඒම නිසා එම කර්මාන්තයට ද මරු පහරක් එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස