ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ලංකාවේ අලුත් ප්‍රභේදයක් වෙයි….? ජාන විකෘතිතා සහිත සාම්පල 14ක් පිළිබඳ විමර්ශන….!

July 14, 2021 at 8:20 am | by emanisa.lk

ජාන විකෘතිතා ඇති බවට සැක සහිත කොවිඩ් ජෛව සාම්පල දහහතරක් කොළඹ නාගරික සීමාවෙන් හඳුනාගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

කොළඹ නගරයේ අහඹු ලෙස ලබා ගත් ජෛව සාම්පල් 25 ක් අතරින් මෙම විකෘතිතා ඇති බවට සැක සහිත ජෛව සාම්පල් 14 හඳුනාගෙන ඇත. මෙම සාම්පල් 25 ලබාගෙන ඇත්තේ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය හඳුනාගත් ප‍්‍රදේශවලිනි.

මේ පිළිබඳව අදාළ විශේෂඥ කණ්ඩායම් දැනටමත් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්‍ෂණවල අවසන් වාර්තාව ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට හැකිවනු ඇතැයිද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

අදාළ ජෛව සාම්පල හඳුනා ගැනීමත් සමග එම සාම්පල අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කඩිනම් ආරක්‍ෂිත පියවර ගැනීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස