ඉන්දියාව තිරිකුණාමලේ තෙල් ටැංකි නොදෙයි! ලංකාවට තෙල් ආනයනය නවතා දැමේ!

April 30, 2020 at 8:28 pm | by emanisa.lk

ලංකාවේ ඛනිජ තෙල් පරිභෝජනය 40%කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි.

මේ අතර ගබඩා පහසුකම් නොමැති නිසා තෙල් ආනයනය නතර කර දමා ඇති බවත් ඇනවුම් කළ තෙල් නෞකා අවලංගු කරමින් සිටින බවත් පැවසේ.

මෙයට හේතුව ලංකාවේ තෙල් ගබඩා කර ගැනීමට හැකියාවක් නොතිබීමය. පසුගිය සමයේ තිරිකුණාමල තෙල් ගබඩා සංකීර්ණයෙන් ටැංකි කිහිපයක් ගැනීමට ඉන්දියාව සමග සාකච්ඡා කළ ද එය සාර්ථක වී නැත.

මෙම ටැංකි සමූහය ඉන්දියාවට ලබා දුන්නේ 2001 එජාප ආණ්ඩුව මගිනි. එම ගබඩා සංකීර්ණය එසේ ඉන්දියාවට ලබා නොදුන්නේ නම් තෙල් මිල විශාල ලෙස පහළ ගිය මේ අවස්ථාවේ රටට විශාල තෙල් ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට අවස්ථාව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස