ඉන්දියාව ආසියාවේ අභිමානය සම්මානයෙන් කතානායක කරු පුදයි!

March 6, 2019 at 9:32 am | by admin

ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින් Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය ඊයේ (05) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය වෙත පිරිනැමිනි.

මෙම අවස්ථාවට එම ආයතනය නියෝජනය කරමින් අබ්දුල් කලාම් ජනපතිවරයාගේ සමීපතමයකු මෙන්ම භාරතයේ කීර්තිමත් විද්වතෙකු වන භාරතය පද්ම ශ්‍රී සම්මානලාභි ආචාර්ය විජායි ශා (Vijay shah) ද පැමිණ සිටීම විශේෂත්වයක් විය.

ආචාර්ය විජායි ශා මහතා අතින් කථානායකවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර, එය ශ්‍රී ලාංකික ගෞරවනීය පුරවැසියෙකුට පිරිනැමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බව අබ්දුල් කලාම් විද්‍යායාතනයේ නියෝජිතයෝ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස