ඉන්දියාවේ CNNnews18 නාළිකාව හරි! ලංකාවට එල්ල වූයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව ආණ්ඩුව පිළිගනී!

April 22, 2019 at 12:40 pm | by admin

ශ්‍රී ලංකාවේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පවසයි.

කෙසේ වුවද මෙම ප්‍රහාරය එල්ල කොට ඉතාම කෙටි වෙලාවක් තුළ CNNnews18 නම් ඉන්දියානු රූපවාහිනී නාළිකාවක් මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව එහි ප්‍රහාරකයන් දෙදෙනෙකුගේ නම් ද සමග හෙළිකර තිබිණි.

එහෙත් ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනා මෙම ප්‍රවෘත්තිය බැහැර කළ අතර නාලක ගුණවර්ධන වැනි අය බොරු ප්‍රචාරය කරන බවට ඉන්දියානු නාළිකාවට බැණ වැදී තිබිණි.

පසුගියදා ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ත්‍රස්තවාදය මැඩලීමට ඉන්දියාවට සහාය වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස