ඉන්දියානු විරෝධය හමුවේ චීනය ලංකාව අතහරී…! සූර්ය බල ව්‍යාපෘතිය මාලදිවයිනට…!

December 3, 2021 at 1:24 pm | by emanisa.lk

චීනය විසින් ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක ඉදිකිරීමට සැලසුම් කර තිබුණු විදුලිබල ව්‍යාපෘති අත්හැර දැමූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

තුන්වැනි පාර්ශ්වයක් විසින් මතු කළ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක නිසා මෙම ව්‍යාපෘති අත්හැර දැමූ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් දැක්වෙයි.

එසේම ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූ සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කළ බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මෙම විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතව පැවතියේ ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් වලය.
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස