බජාජ් ත්‍රීවිලයට වඩා ගුණාත්මකභාවයෙන් වැඩි විදුලි ත්‍රීවිලරයක් ඉදිරියේ දී දෙස් විදෙස් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම් බව වේගා සමාගමේ අධ්‍යක්ෂ, ආචාර්ය බේෂාන් කුලපාල පවසයි.
මෙම ත්‍රීවිලරයේ බැටරිය වරක් විදුලිය ආරෝපණය කර කි.මි. 120ක පමණ දුරක් ගමන් කළ හැකි බවත් එහි සවිකර ඇති සූර්යකෝෂය මගින් ද බැටරිය අතරමග දී ආරෝපණය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
බාජාජ් ත්‍රීවිලරයට වඩා අඩු මිලකට එය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සැලසුම බවත් එළඹෙන වසරේ අප්‍රේල් මස පමණ මෙම රථය වෙළඳපොළට පැමිණෙනු ඇති බවත් ගානාව වැනි අප්‍රිකානු රටවලින් පවා මේ වන විටත් ඒ සඳහා ඉල්ලීම් ලැබී ඇති බවත් ආචාර්ය බේෂාන් කුලපාල පවසයි.
2019 වන විට ඇ.ඩො. බිලියන 27ක වෙළෙඳපොළක් විදුලි ත්‍රීවිර සඳහා ඇති බවත් එය 2027 වන ඩො.බි. 32ක් වන බවත් ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.