ඉන්දියානු ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබ්බේ නෑ…! – ඇමති විජිත හේරත්….

May 8, 2025 at 3:58 pm | by emanisa.lk

ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වේලාවක් නොතිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

අවශ්‍ය අයකුට එය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත හැකි බව ද ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.

කැබිනට් අනුමැතිය ලබා යථා කාලයේ දී අදාළ ගිවිසුම් රට හමුවේ තබන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

අද (08) සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *