ඉන්ටර්නෙට් බිඳක් සොයා ගස්, ගල්, ගිරිදුර්ග තරණය කළ යුගය නිමයි…! සති දෙකක් ඇතුළත සියලු දරුවන්ට ස්ථිර විසඳුම්…!

June 21, 2021 at 11:39 pm | by emanisa.lk

අන්තර්ජාල පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ ධානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.

අදාළ මධ්‍යස්ථාන ඔස්සේ උදෑසන සිට සවස්වන තුරු e-තක්සලාව හරහා අධ්‍යාපනය හැදෑරීමේ අවකාශය දරුවන්ට ලබාදෙන බව කියා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ එම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයට වියදම්වන දත්ත සඳහා වැයවන මුදල් රජය විසින් දරන බව පැවසීය.

e-තක්සලාව මේ වන විටත් සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ ඕනෑ ම තැනක සිටින දරුවෙකුට e-තක්සලාව ඔස්සේ කිසි ම වියදමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස