ඉදිරි සති දෙකේ රටට දුවන්න ඉන්ධන නෑ…! පොදු පෞද්ගලික ප්‍රවාහන සේවා නවතී…! රජයේ සේවකයින් ගෙදර සිට වැඩ..!

June 17, 2022 at 6:56 pm | by emanisa.lk

රජයේ සේවකයින්ට ලබන සඳුදා (20) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න අද (17) පස්වරුවේ චක්‍රලේඛය නිකුත් කළේය.

රට තුළ ඉන්ධන සැපයීම සිමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැලකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි සදඟන් වේ.

රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.

සේවයට පැමිණෙන නිලධාරීන්ට සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට උපදෙස් දෙන ලෙසත් කාර්යාලය අසල පදිංචි සේවකයන්ට ආයතනයේ වාහන භාවිත කර පිරිවැය කළමනාකරණයකින් යුතුව ක්‍රියාකරන ලෙසත් අධිකරණ ක්ෂේත්‍රයට අයත් ආයතන වෙත නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිසමෙන් ද, රාජ්‍ය ව්‍යවසාය සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *