ඉදිරි ජනාධිපතිවරණය රාජපක්ෂලාගේ අවසානයයි! – ආචාර්ය නලින් ද සිල්වා

February 8, 2019 at 5:17 pm | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම තරඟ කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී කිසිම පක්ෂයකට 50%ක් ලබා ජයග්‍රහණය ලබා ගත නොහැකි බවත් රට අරාජික වන අතර එය රාජපක්ෂලාගේ අවසානය බවත් ආචාර්ය නලින් ද සිල්වා පවසයි.

එහෙත් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරඟ කළහොත් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්කර දිය හැකි බව ද නැවත සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩනැඟීිම පිළිබඳ විශ්වාසයක් තබා ගත හැකි බව ද අවධාරණය කළේය. ඊයේ (07) සවස ගම්පහ සණස සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික සමතා බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවේ දී හෙතෙම මෙම අදහස් දැක්වීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *