ආණ්ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ ආසනවල ඇමැතිවරුන් කිසිවකු නොමැති නිසා, ප‍්‍රශ්න ඇති වූ විට සාකච්ඡා කිරීමට ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (30) ආණ්ඩු පක්‍ෂ සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිතුමා පැමිණෙන දිනට පමණක් සියලු ඇමැතිවරුන් පැමිණ සිටින බව ද කථානායකවරයා සඳහන් කළේය.
“ආණ්ඩු පක්‍ෂ සංවිධායකතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි, ඉදිරිපෙළ ආසනවල ඇමැතිවරුන් කවුරුවත් නැහැ. එය කනගාටුදායක තත්ත්වයක්. ප‍්‍රශ්නයක් ඇතිවූ විට උත්තර දෙන්න සභාවේ සියලු දෙනාම බැඳීසිටිය යුතුයි. ඒ ගැන අවධානය යොමු කරන්න.
ජනාධිපතිතුමා එනදාට සියලු ඇමැතිවරු ඉන්නවා. ජනාධිපතිතුමාටත් දිනපතා පාර්ලිමේන්තු රැස්වීම්වලට එන්න කියල අපට කියන්න සිද්ධ වෙනවා. කරුණාකර කවුරුත් සාමූහික වගකීමෙන් ඉවත් වෙන්නේ නැතිව වගකීම ඉෂ්ට කරනවා නම් හොඳයි.”