ඉතිහාසයේ වැඩි ම ණය ගත්තේ හොරා කෑම ප්‍රතිපත්තිය කරගත් ගෝඨාණ්ඩුවයි..! – විජිත හේරත්..

January 21, 2022 at 3:44 pm | by emanisa.lk

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණා ගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා රාජාසන කතාවේ දී කිව්වත් වැඩි පුර ම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේ දී බව කී විජිත හේරත්, රටේ මුළු ණය ට්‍රිලියන 21ක් වන අතර එයින් ට්‍රිලියන අටක්ම ගන්නේ ගෝඨාභය සමයේ දී බව හෙළි කළේය.

දැන් ජනතාවට කියන්න සිදු වී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා යැයි කීමට බව ද විජිත හේරත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *