ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙවර ලැබුණා! ඉදිරියේ දී වී ගොවිතැන නවීකරණය කරනවා!

April 8, 2019 at 10:20 am | by admin

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය.

“මේ වනවිට දේශගුණය විටින් විට වෙනස් වෙනවා. එම නිසා වෙනස් වුණු දේශගුණයට අනුව ගෙවිතැන් කිරීමටත් කටයුතු කළ යුතුයි. පිලිපීනය වැනි රටවල් වල අඩු ජල භාවිතය හරහා ගොවිතැන් කරන ක්‍රම සොයා ගෙන තිබෙනවා. මෙවැනි ක්‍රම හරහා කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ අනුව ඉදිරියේදී වී ගොවිතැනේ නවීකරණයක් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර ඇති බව පැවසිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස