දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
මෙය එකවර වැඩිම පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදුන් අවස්ථාව ද වනු ඇත.
මෙහිදී ඇතැම් ස්ථානාධිපතිවරුන්ගේ තනතුරු ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීම ද සිදුව ඇත.