ඉතිහාසයේ ප්‍රථම වරට කතානායකට ජාත්‍යන්තර කටයුතු උපදේශකයෙක්! උපදේශකට පඩි ගෙවන්නේ පිටරට NGOවක්!

June 19, 2019 at 2:23 pm | by emanisa.lk

විදේශ ආයතනයකින් වැටුප් ලබන අයකු කථානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකවරයා ලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ ගරුත්වය විදේශ බලපෑම්වලට යටත් කිරීමක් බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

කථානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකවරයාට පාර්ලිමේන්තුවේ වැටුප් ගෙවන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් පිටරටකින් පඩි ලබන සේවකයකු පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු බවත් විපක්‍ෂ නායකවරයා කීය.

ජාත්‍යන්තර කටයුතු උපදේශක ප‍්‍රසාද් කාරියවසම් මහතාට වැටුප් ලබා දෙන්නේ පිටරටකින් නොවන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ වෙනත් විදේශ ආයතනයකින් ඔහුට වැටුප් ගෙවන බවත් ඔහුට පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවීමට තමන්ට අවශ්‍ය නැති බවත් කථානායක කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී පසුගියදා කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් තානාපතිවරුන් පොලිස්පතිවරයා හා බුද්ධි අංශ ප‍්‍රධානියා කැඳවා පැවැත්වූ සාකච්ඡා සඳහා ප‍්‍රසාද් කාරියවසම් මහතා සහභාගී වීම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බරපතළ ප‍්‍රශ්නයක් බවට දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශයෙන් පසුව ඇතිවූ සංවාදයේදී විපක්‍ෂ නායකවරයා සහ කථානායකවරයා මේ බව ප‍්‍රකාශ කළහ.

මෙයට පෙර කතානායකවරුන්ට ජාත්‍යන්තර උපදේශක යැයි තනතුරක් නොතිබුණු අතර බුදධි අංශ ප්‍රධානීන් කැඳවා තානාපතිවරු සමග සාකච්ඡා කිරීමක් ද සිදුව නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස