ඉතිහාසයේ ප්‍රථම වතාවට රණවිරු සැමරුමට ජනපති නෑ..!

May 19, 2024 at 5:00 pm | by emanisa.lk

15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වන විට බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙයි.

එම උත්සවය පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

2009 වර්ෂයේ කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීම සහ එහි දී ජීවිත පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම උදෙසා මෙම සැමරුම් උළෙල පැවැත්වෙයි.

පසුගිය වසර 15 පුරා රණවිරු සැමරුම සඳහා සේනාධිනායක, ජනාධිපතිවරයා සහභාගී වුව ද මෙවර ජනාධිපතිවරයා සහභාගී නොවීම විශේෂත්වයකි. එසේ ම රණවිරු සැමරුම ජාතික රූපවාහිනියේ සජීවී විකාශනය ලබා දුන්නේ ද නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුව සඳහා පිටත්ව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *