ඉතා ම කෙටි කාලයක් තුළ අසාර්ථක වූ පාලකයා ගෝඨාභයයි…! පාලන බලය ලබා ගෙන රට ගොඩනඟන්න අපි සූදානම්….! – අනුර….

August 1, 2021 at 2:48 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්කර ගැනීමට කටයුතු කළ ජනතාව මේ වන විට තමන් රැවටීමට පත්වූ බව අවබෝධ කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි. එහෙයින් මෑත කාලයේ ඉතා ම කෙටි කාලයක් තුළ ජනතා විරෝධයට සහ ජනතා අප්‍රසාදයට පත් ආණ්ඩුව බවට වර්තමාන පාලනය පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ වන විට රටේ ආදායම් රටේ වියදම සහ ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් නොවන බවත් එහෙයින් මුදල් අච්චු ගැසීම, ණය ලබා ගැනීම සහ ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ විසඳුම වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ අනුව වර්තමාන පාලකයින්ට මේ රට ගොඩගැනීමේ හැකියාවක් නොමැති බව සනාථ කර ඇති බවත් ජනතාවට රට ගොඩනැඟීමට ජාතික ජන බලවේගය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බවත් අනුර දිසානායක පවසයි. සියලු ප්‍රගතිශීලී බලවේග ඒ සඳහා එකතු කරගන්නා බවත් හෙතෙම කියා සිටී.

අගාධයට යමින් ඇති රට ගොඩනැඟීමට තමන්ට දැක්මක් හැකියාවක් සහ උවමනාවක් තමන්ට ඇතැයි ඔහු අවධාරණය කරයි. තව දුරටත් බලපෑම් කණ්ඩායමක් ලෙස සිටින අතර බලය හුවමාරු කර ගැනීම දක්වා ගොස් රටේ පාලනය භාර ගැනීමට තමන් සූදානම් බවත් අනුර දිසානායක වැඩි දුරටත් කියා සිටියේ ය.

කොළඹ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස