ඉතාලි ගිය ශ්‍රී ලාංකික කල්ලි රටම අනතුරේ හෙළයි! නිරෝධායනයෙන් බේරෙන්න ප්‍රංශ ටිකට් අරන් රටට රිංගලා!

March 20, 2020 at 12:17 pm | by emanisa.lk

මීගමුව සහ පුත්තලම ප්‍රදේශවල නි​රෝධායනයට ලක්නොවී සිටින විදේශිකයන් අතර, ඉතාලියේ සේවය කරමින් සිට වෙනත් රටවලට ගොස් ගුවන් ප්‍රවේශපත් ලබාගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටින බව ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නිරෝධායනයට යොමු නොකළ මගීන් පැමිණෙන ප්‍රංශය වැනි රටවලට ගොස් ඔවුන් ලංකාවට පැමිණ ඇතැයි ද හෙළිවී ඇත.

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන මගීන් පමණක් දින දාහතරක නිරෝධායනයට යොමුකළ නිසා මෙම පිරිස් යුරෝපයේ හා රුසියානු රටවලට ගොස් ගුවන් ටිකට්පත් ඇයදුම් කර ඇතැයිද අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස